හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය පක්ෂය වෙත එක්වී තිබේ. ඒ අනුව, ඔහු සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය නායකයා ලෙස සහ එහි උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති අතර, සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් අදාළ පත්වීම් ලිපිය පක්ෂ මූලස්ථානයේදී ඔහුට නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. ජනතාව කේන්ද්‍ර කරගත් නව දේශපාලන ගමනක නියැලෙන සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවිධානාත්මක කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලලිත් එල්ලාවල මහතාගේ අත්දැකීම් සහ දායකත්වය අපේක්ෂා කරන බව පක්ෂය ප්‍රකාශ කර ඇත.



























