වාර්ෂිකව යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (03) දින පුරා ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම බලපත්‍රලාභී සුරාසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.මෙම පියවරත් සමඟ අද දින කිසිදු මත්පැන් අලෙවි කිරීමක් සිදු නොවන අතර, මධ්‍යසාර භාවිතය සමාජයෙන් දුරු කිරීමේ අරමුණින් මෙම වාර්ෂික අමද්‍යප ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, මධ්‍යසාර පරිභෝජනය හේතුවෙන් 2019 වසරේදී පමණක් ලොව පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව මිලියන 2.6ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.



























