ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අමෙරිකානු ඩොලර් 80ක සීමාවට වඩා පහළ අගයකට අද (17) දිනයේදී පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉන්ධන මිලෙහි මෙම පසුබෑම ගෝලීය වශයෙන් ඉන්ධන පරිභෝජනය කරන රටවලට යම් සහනයක් ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.නවතම දත්තවලට අනුව, වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28ක පමණ මට්ටමක පවතින අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 80ට වඩා අඩු අගයක් වාර්තා කරයි. පසුගිය කාලය හා සැසඳීමේදී ඉන්ධන මිලෙහි දක්නට ලැබෙන මෙම වෙනස වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අවධානයට ලක්ව තිබේ.ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ බොරතෙල් මිලෙහි සිදුව ඇති මෙම පහළ යාම ලෝක ආර්ථිකයට සහ ඉන්ධන ආනයනය කරනු ලබන රටවලට සෘජු ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි. ඉන්ධන වියදම් අඩු වීම හරහා විවිධ රටවල ආර්ථික ස්ථාවරත්වයට මෙය පිටුවහලක් වනු ඇතැයි වෙළෙඳපොළ නිරීක්ෂකයින් වැඩිදුරටත් සඳහන් කරයි.



























