වත්මන් විපක්ෂය ක්‍රෝධයෙන් පිරුණු සර්කස් එකක් – අධිකරණ ඇමති

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ රජයක වැරදි පෙන්වා දෙමින් යහපත් ක්‍රියාමාර්ග සඳහා සහාය වන වගකීම්සහගත විපක්ෂයක අවශ්‍යතාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.​එහෙත්, වත්මන් විපක්ෂය ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට සම්පූර්ණයෙන්ම ක්‍රෝධයෙන් හා වෛරයෙන් පිරී කටයුතු කරන “සර්කස් එකක්” වැනි පිරිසක් බව අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රකාශ කළේය. නිර්මාණාත්මක විවේචන ඉදිරිපත් කිරීම වෙනුවට ඔවුන් නිරන්තරයෙන් පදනම් විරහිත චෝදනාවල නිරත වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.​රජය ක්‍රියාත්මක කරන ජනතා හිතවාදී වැඩපිළිවෙළට සහ සංවර්ධන කටයුතුවලට විපක්ෂයෙන් විවිධ බාධා එල්ල වුවද, රට සහ ජනතාව වෙනුවෙන් කළ යුතු නිවැරදි කැපකිරීම් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,297

Leave A Reply

Your email address will not be published. Required fields are marked *