වසර පහකින් ක්‍රියාත්මක නොවූ පොලිස් උසස්වීම් අද සිට ක්‍රියාත්මකයි

වසර පහක කාලයක් පුරා ඇණහිට තිබූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් කටයුතු මෙම වසරේ සිට නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.​85 වන පොලිස් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පොලිස් කොට්ඨාස 69ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් මෙහි ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වූහ.​දින තුනක් පුරා පැවති මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලාන ප්‍රදානය කිරීම අමාත්‍යවරුන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු උසස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,353

Leave A Reply

Your email address will not be published. Required fields are marked *