අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක මහතා විවෘත වරෙන්තුවක් නියෝග කර ඇත.සිය දරුවා සඳහා නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක විසින් ගොනු කර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී ක්රීඩකයා අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය ලබා දී තිබේ.



























