පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට බෙහෙවින් සමාන අයුරින් සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියක් (Fake Website) හරහා රුපියල් 1,000,024ක මුදලක් වංචා කළ 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, අන්තර්ජාලය ඔස්සේ සූක්ෂ්ම ලෙස බැංකු පාරිභෝගිකයන් මුළා කරමින් මෙම මූල්‍ය අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, ඊයේ (20) දින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය. අත්අඩංගුවට ගත් සැකකරු වාරියපොල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහු අද (21) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇත.මෙවැනි සූක්ෂ්ම අන්තර්ජාල වංචාවන් දිනෙන් දින ඉහළ යන බැවින්, බැංකු කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමේදී නිල වෙබ් අඩවි පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි. පරිගණක අපරාධ විමර්ශන අංශය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

























