ව්‍යාජ SLS ලාංඡන යෙදූ ජල බෝතල් 8,500ක් අවිස්සාවේල්ලේදී අල්ලයි

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවක තිබී ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී සිය භාරයට ගෙන තිබේ.​පැවැත්වුණු මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම ජල බෝතල් අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක සකස් කර මෙලෙස අවිස්සාවේල්ලේ ගබඩා කර ඇති බවයි.​විවිධ ප්‍රමාණවලින් යුත් මෙම බෝතල්වල ව්‍යාජ ලෙස SLS ලාංඡනය සහ 894 දරන සහතික අංකය යොදා තිබී ඇති අතර, වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මෙම තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,298

Leave A Reply

Your email address will not be published. Required fields are marked *