මාස දහතුනක පමණ කාලයක් තිස්සේ නතර වී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු හෙට (07) සිට නිල වශයෙන් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම දීර්ඝ ප්‍රමාදය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට වාහන අංක තහඩු ලක්ෂ හතරහමාරකට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී තිබේ.මේ නිසා වාහන හිමියන්ට මුහුණ දීමට සිදු වූ අපහසුතා සැලකිල්ලට ගනිමින්, ගොඩගැසී ඇති මෙම අතිවිශාල තහඩු තොගය කඩිනමින් මුද්‍රණය කර බෙදා හැරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් විශේෂ සැලසුමක් සකස් කර ඇත. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලිය අදියර කිහිපයක් යටතේ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.අංක තහඩු නොලැබීමෙන් මෙතෙක් පීඩාවට පත්ව සිටි වාහන හිමියන්ට ඉදිරි දින කිහිපය තුළ සහනයක් සැලසෙනු ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙන්ම තමන්ගේ අංක තහඩුව ලබා ගන්නා ආකාරය පිළිබඳ විස්තර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගත හැකි බව ද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.



























