වැලිකඩට සපත්තු අස්සේ මත්ද්‍රව්‍ය ගෙන යාමට ගිය බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදී ලද තොරතුරක් මත සිදුකළ හදිසි පරීක්ෂාවකදී, සපත්තු තුළ සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරයෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.​අදාළ නිලධාරියා පැළඳ සිටි සපත්තු ඇතුළත ඉතා සූක්ෂම ලෙස අසුරා තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හෙරොයින් ග්‍රෑම් 16.7ක ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත.​පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් සැකකාර නියාමකවරයා සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා බාරයට ගෙන ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *