ශ්‍රී ලංකන් එයාර්බස් ගනුදෙනු විමර්ශන: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට උපදෙස්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දී තිබේ.​අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බවට සැක කෙරෙන අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් මුල්කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.​ඒ අනුව, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ මහතා මෙලෙස සැකකරුවෙකු හැටියට නම් කර කටයුතු කරන ලෙස නීතිපති උපදෙස් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *