රටේ ජනතාව ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේ ක්‍රමයේ වෙනසක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මිස, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම හරහා අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායකවරයා පවසයි. ව්‍යවස්ථා සංශෝධන හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනවරමක් ලැබී තිබුණද, අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නොමැති බව ඔහු පෙන්වා දී ඇත.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට පැවසූ වත්මන් රජය මේ වන විට රට තුළ ඒකාධිපතිවාදය, ආඥාදායකත්වය සහ තනි පක්ෂ පාලනයක් ගොඩනැංවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කරයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ව්‍යවස්ථා සංශෝධන මෙන්ම අනෙකුත් ක්‍රියාදාමයන් ද රජය විසින් ක්‍රියාවට නංවමින් පවතින බව ඔහු අවධාරණය කර ඇත.



























