විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් හැදීමටයි – ඇමති නලින්ද ජයතිස්ස

වර්තමාන රජයේ ස්ථාවරත්වය බිඳ දැමීමේ අරමුණින්, මහජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ රජය කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීමට විපක්ෂය මේ දිනවල දැඩි උත්සාහයක නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශපාලන වාසි තකා විපක්ෂය මෙවැනි සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත් කරමින් සිටින බවයි.​කෙසේ වෙතත්, රටේ සංවර්ධන කටයුතු අඩාල කිරීමට ඉඩ නොතබා ඉදිරි වසර සඳහා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. පසුගිය වසරේදී ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රජය වැය කර ඇත්තේ රුපියල් බිලියන 1,350ක පමණ මුදලක් වන අතර, මෙවර ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා එම ප්‍රතිපාදන සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,188

Leave A Reply

Your email address will not be published. Required fields are marked *