කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය සම්බන්ධයෙන් උද්ඝෝෂකයින් සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසම් පත්ර දෙකම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්රතික්ෂේප කරන ලදී.ඉදිරිපත් වූ මෝසම් පත්ර මගින් උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ ඊයේ දින අධිකරණය නිකුත් කළ නියෝගය ඉවත් කරන ලෙස හෝ සංශෝධනය කරන ලෙසයි. එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසම මගින්, අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණි.දෙපාර්ශ්වයේම ඉල්ලීම් ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා, අධිකරණ ආඥාව උල්ලංඝනය වන යම් සිදුවීමක් වුවහොත් දණ්ඩ නීති සංග්රහයේ ප්රතිපාදනවලට අනුව අවශ්ය නීතිමය පියවර ගැනීමේ පූර්ණ බලය පොලිසිය සතු බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.



























