ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කරමින් යෙවාන් ඩේවිඩ් FIA ෆෝමියුලා 3 තරගාවලියකදී දෙවන ස්ථානය දිනාගනියි

ලෝක මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, FIA ෆෝමියුලා 3 (FIA Formula 3) තරගාවලියකදී වේදිකාවේ ස්ථානයක් (Podium finish) දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූරයා බවට පත්වීමට යෙවන් ඩේවිඩ් (Yevan David) සමත් විය. සිල්වර්ස්ටෝන් (Silverstone) ධාවන පථයේ පැවති ස්ප්‍රින්ට් (Sprint) තරගයේදී විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් ඔහු දෙවන ස්ථානය (P2) දිනා ගැනීමට සමත් විය. ‘AIX Racing’ කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ්, තරගය පුරාම ඉතා සංයමයකින් යුතුව සෙසු ප්‍රමුඛ පෙළේ ධාවකයින් සමඟ කරට කර තරගයක නිරත වූ අතර, අවසානයේදී තරගයේ ජයග්‍රහණය හිමිකරගත් උගෝ උගෝචුක්වුට (Ugo Ugochukwu) පමණක් දෙවැනි වෙමින් දෙවන ස්ථානය තහවුරු කරගත්තේය. ජාත්‍යන්තර මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙම ප්‍රතිඵලය සනිටුහන් වේ. FIA ෆෝමියුලා 3 තරග වාරයේ කොටසක් ලෙස සුප්‍රසිද්ධ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ පැවති මෙම තරගයේදී, ආරම්භක ස්ථානයේ (Pole position) සිටම තරගය මෙහෙයවූ ‘Campos Racing’ කණ්ඩායමේ උගෝ උගෝචුක්වු, තත්පර 17ක සුවිශේෂී කාල පරතරයක් සහිතව ඉතා පහසුවෙන් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

What's your reaction?

Related Posts

1 of 840

Leave A Reply

Your email address will not be published. Required fields are marked *