ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා වෙයි

ඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීඩා තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79.4 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 284ක් පමණි. ඉන්දියාව පළමු ඉනිම සඳහා ලකුණු 462ක් ලබා සිටි බැවින්, ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වූ අතර, ලකුණු 90ක් වන විට ප්‍රධාන පෙළේ කඩුලු 5ක්ම බිඳ වැටී තිබිණි.​එම අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ ඒම සඳහා 6 වන කඩුල්ල වෙනුවෙන් එක් වූ සොනල් දිනූෂ සහ නිරෝෂන් දික්වැල්ල සටන්කාමී සහ වටිනා ලකුණු 146ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම පාලනය කළහ. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සොනල් දිනූෂ පන්දු 168කින් ලකුණු 100ක් රැස් කරමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය.​ශ්‍රී ලංකා ඉනිම සුන් කරමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ඉන්දියාව වෙනුවෙන් මානව් සුතාර් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් බිඳ හෙළූ අතර, මොහොමඩ් සිරාජ්ද කඩුලු 2ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දායක විය.

What's your reaction?

Related Posts

1 of 1,305

Leave A Reply

Your email address will not be published. Required fields are marked *