​ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද (17) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් ආරම්භ වේ. රාත්‍රී 7.30ට පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් අනතුරුව, තරගාවලියේ පළමු තරගය භානුක රාජපක්ෂ මෙහෙයවන ජැෆ්නා කින්ග්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.​මෙම තරගාවලිය සඳහා කලම්බු කැප්ස් (කුසල් මෙන්ඩිස්), දඹුල්ල සික්සර්ස් (දිනේෂ් චන්දිමාල්) සහ කැන්ඩි රෝයල්ස් (ඇන්ජලෝ මැතිව්ස්) යන කණ්ඩායම් ද තරග වදී. තරගාවලියේ තරග කොළඹ එස්.එස්.සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.​තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මහතා සඳහන් කළේ මෙවර ශූරතාව දිනා ගන්නා කණ්ඩායම සඳහා රුපියල් කෝටි 03ක ත්‍යාග මුදලක් පිරිනමන බවයි. ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනාගෙන ඇති මෙම ලීග් තරගාවලිය මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ නවමු බලාපොරොත්තු රැසක් සමඟින් අද මෙලෙස ඇරඹේ.

What's your reaction?

Related Posts

1 of 1,255

Leave A Reply

Your email address will not be published. Required fields are marked *