පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (27) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.පාකිස්තානය මේ වන විටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, එංගලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්රහණයේ විශ්වාසය පිට තරග බිමට පිවිසෙන ශ්රී ලංකා කණ්ඩායමට අද තරගය ජයග්රහණය කිරීමෙන් අවසන් තරගයට පිවිසීමේ වැඩි ඉඩකඩක් හිමිවේ.අද තරගයේදී පාකිස්තාන කණ්ඩායමේ සයිම් අයුබ් වෙනුවට ආරම්භක පිතිකරු සාහිබ්සාදා ෆර්හාන් කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති අතර, ශ්රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්රීඩා කළ කණ්ඩායමම වෙනස්කම්වලින් තොරව යෙදවීමට බොහෝ දුරට ඉඩ තිබේ.



























