සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට, ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියි. ඒ අනුව, ඔවුන් තවමත් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 320ක් පසුපසින් සිටී.පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 434ක් රැස් කළ අතර, එහිදී සෞද් ශකීල් ලකුණු 93ක් සහ අරෆත් මින්හාස් ලකුණු 52ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් අසිත ප්රනාන්දු සහ දිල්ෂාන් මධුශංක කඩුලු 3 බැගින් දවාගත් අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකාව වෙනුවෙන් දින අවසානයේදී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.



























