ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් මිලියන 14කට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වූ දූෂණ චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද නිශාන්ත රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නියෝගයට අනුව, සැකකරු රුපියල් 75,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර, ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා ඇත. සිය පෞද්ගලික සේවය සඳහා මණ්ඩලයේ සේවකයන් යොදා ගනිමින් ඔවුන්ගේ වැටුප් ව්‍යාපෘති අරමුදල්වලින් ගෙවීම හරහා මෙම මූල්‍ය අක්රමිකතාව සිදුව ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණි.



























