ශ්රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ මෙරට ක්රියාත්මක වූ සමාගම්, ජංගම දුරකථන යෙදුම් සහ ඊට සම්බන්ධ ආයතන 27ක් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්රම ලෙස නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇත. පුළුල් විමර්ශනවලින් අනතුරුව ‘Max App Media’ සහ එහි අනුබද්ධිත සමාගම් මෙන්ම ‘Tiens Lanka Health Care’, ‘Qnet’, ‘OnmaxDT’, ‘MTFE App’ සහ ‘Fastwin’ ඇතුළු ජනප්රිය යෙදුම් සහ ව්යාපාර රාශියක් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.මෙම වංචනික පිරමීඩ යෝජනා ක්රමවලට මුදල් ආයෝජනය කිරීම හේතුවෙන් මහජනතාවට සිය මුදල් සම්පූර්ණයෙන්ම අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බව මහ බැංකුව දැඩිව අවධාරණය කරයි. එබැවින්, ඕනෑම ආයතනයක මුදල් යෙදවීමට පෙර ඒ පිළිබඳව දැඩි විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.



























