ශ්‍රී ලංකා මෝටර් රථ රේසිං සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

​ශ්‍රී ලංකා මෝටර් රථ රේසිං ජාතික ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.​පවතින ව්‍යවස්ථාවට අදාළ සංශෝධන සිදු කිරීම සහ නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා වන මැතිවරණ ක්‍රියාවලිය පවත්වා අවසන් කිරීම සඳහා බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කර තිබේ.​නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා තෙක් එම සංගමයේ පාලන හා පරිපාලන කටයුතු මෙහෙයවීමේ බලයද අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,393

Leave A Reply

Your email address will not be published. Required fields are marked *