සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

පාරිභෝගික ජනතාවට ආර්ථික සහන ලබා දීමේ අරමුණින්, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 11ක මිල ගණන් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ උපදෙස් මත මෙම මිල අඩු කිරීම සිදු කර ඇති බව එම ආයතනය නිවේදනය කරයි.​මෙම මිල සංශෝධනය යටතේ වැඩිම මිල අඩු කිරීමක් ලෙස රතු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 71කින් පහත දමා ඇත. මීට අමතරව, පරිප්පු, සහල්, සීනි සහ ටින් මාළු ඇතුළු දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය තවත් භාණ්ඩ රැසක මිල ගණන් ද මෙලෙස අඩු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *