ශ්‍රී ලාංකීය සමූපකාර ක්ෂේත්‍රයේ නවීකරණයක් සිදු කරමින් “සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය” අද (14) පෙරවරු 9.30ට නිල වශයෙන් ජනගත කිරීමට නියමිතය. මෙම උත්සවය කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන අතර, එය මෙරට සමූපකාර ඉතිහාසයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. තාක්ෂණික දියුණුව සමූපකාර අංශය වෙත රැගෙන ඒම මෙහි මූලික අරමුණයි.මෙම අවස්ථාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්වීමට නියමිතව තිබේ. මෙම ඩිජිටල් ද්වාරය හරහා සාමාජිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.























