සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනු ලැබේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එබැවින් එළිමහන් කටයුතුවල නිරත වීමේදී සහ ගමනාගමනයේදී වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

What's your reaction?

Related Posts

1 of 1,104

Leave A Reply

Your email address will not be published. Required fields are marked *