2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අද (ජූලි 08) දිනයෙන් අවසන් වේ. පසුගිය ජූනි මස 25 වන දා සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරිණි.අයදුම් කිරීමට අපේක්ෂා කරන පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස, “Exam Information Centre” හරහා තමන් විසින්ම අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය. පද්ධතියට ලියාපදිංචි වීමේදී දැනට ගිණුමක් ඇති අය තම විභාග අංකය සහ හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, අලුතින් ලියාපදිංචි වන්නන් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය ලබා දිය යුතුය.අයදුම්පත නිවැරදිව පිරවීම සඳහා එහි ඇති තාක්ෂණික උපදෙස් සහ වීඩියෝ දර්ශන නැරඹීම අනිවාර්ය වේ. එක් විෂයයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200ක් වන අතර, එය ණය පත්, හර පත් හෝ තැපැල් කාර්යාලයක් හරහා ගෙවිය හැකිය. වැඩිදුර විස්තර සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 785 231 අංකය ඇමතීමෙන් විමසීම් කළ හැක.























