දුම්රිය සේවකයන්ගෙන් පැය 48ක හදිසි වර්ජනයක් අද මධ්‍යම රාත්‍රියේ සිට

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන තීන්දු සහ ක්‍රියාකලාපයට එරෙහිව අද (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. මෙම වර්ජනය සඳහා රියදුරුවරුන්, පාලකයන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති 26ක් සක්‍රීයව දායක වීමට නියමිතය.​දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව පාලනාධිකාරිය ගෙන තිබූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වීම මෙම ගැටුමට මුල් වී තිබේ. මෙම වර්ජනය හේතුවෙන් ඉදිරි දින දෙක තුළ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බැවින් මගීන්ට විකල්ප ක්‍රමවේද වෙත යොමුවීම වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,334

Leave A Reply

Your email address will not be published. Required fields are marked *