සිරිපාල පාර්ශවයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් නිමල් අමාත්‍ය සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය විසින් හෙට පක්ෂ මූලස්ථානයේදී කැදවා තිබෙනවා.

කෙසේ වෙතත් එම රැස්වීම ව්‍යවස්ථා වීරෝධී බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

මෙවන් පසුබිමක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් නියෝජිත සමුළුව ද නිට්ටඹුව – හොරගොල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා.

ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල පාර්ශ්වය නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියා.

මෙම රැස්වීමෙන් අනතුරුව එම ස්ථානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් ද පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *