සුරේෂ් සලේ මහතා සම්බන්ධ මෝසමේ නියෝගය එළඹෙන 10 වනදා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශේෂ මෝසමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (04) සලකා බලනු ලැබීය. එහිදී සුරේෂ් සලේ මහතාව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.​අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් මතු කරන ලද මෙම ඉල්ලීම දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, ඊට අදාළ අධිකරණ තීන්දුව සහ නියෝගය එළඹෙන ජූනි 10 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

What's your reaction?

Related Posts

1 of 1,173

Leave A Reply

Your email address will not be published. Required fields are marked *