ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සේදවත්ත, කැලණි පාලම අසලදී ඊයේ (17) උදෑසන නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 35ත් 40ත් අතර පවතින බවත්, ඔහු අඩි 5ක් අඟල් 5ක් පමණ උසැති අයෙකු බවත් පොලිසිය පවසයි. කොණ්ඩය අඟලක පමණ දිගට වැවා තිබූ මරණකරු, සිද්ධිය වූ අවස්ථාවේ උඩුකය නිරුවත්ව සිට ඇති අතර, ඔහු නිල් පැහැති බොටම් කලිසමක් පැළඳ සිටියේය.මේ වන තෙක් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මියගිය තැනැත්තා හඳුනා ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරයි.



























