සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. 2007 වසරේදී රුපියල් කෝටි 9ක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව ඔහුව මෙලෙස ප්‍රශ්න කර ඇත.ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටි හිටපු අමාත්‍යවරයා පැය 04කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එතැනින් පිටව ගොස් තිබේ.



























