හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (31) ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට මරණ දඬුවම නියම කරන ලදී.​පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එම ව්‍යසනය වැළැක්වීමට අපොහොසත් වීම, රාජකාරී වගකීම් බරපතල ලෙස පැහැර හැරීම සහ මිනීමැරීම් සඳහා අනුබල දීම යන ප්‍රධාන චෝදනා යටතේ මෙම නඩුව විභාගයට ගැනුණි.​ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත මෙම බෙදුණු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, වගකිවයුතු උසස් නිලධාරීන් විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන ලද දැවැන්ත පැහැරහැරීම් මෙලෙස දැඩි දඬුවම් ලැබීමට හේතු විය.

What's your reaction?

Related Posts

1 of 1,263

Leave A Reply

Your email address will not be published. Required fields are marked *