නීතිවිරෝධී අලි පැටවෙකු ළඟ තබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.ඔහුට එල්ල වී තිබූ චෝදනා මත මීට පෙර ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම අවසාන තීරණය ගෙන ඇත.අධිකරණ සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමඟ ඔහුගේ විනිසුරු තනතුර අහිමි වී තිබේ.

























