හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ නඩුව නොවැම්බර් 02 දිනට කල් තැබේ

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන්ට එරෙහි නඩුවක් යළි නොවැම්බර් මස 02 වන දින කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.​2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළදී මාර්ග අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට අකුල් හෙළූ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.​අදාළ නඩුව ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, විමර්ශන ලිපිගොනු මේ වන විට නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව නඩුව යළි කැඳවන දිනයේදී එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

What's your reaction?

Related Posts

1 of 1,289

Leave A Reply

Your email address will not be published. Required fields are marked *