හෙට සිට සැප්තැම්බර් 7 දක්වා සූර්යයා දිවයිනට සෘජුවම ඉහළින්

සූර්යයා දකුණට ගමන් කිරීමේ වාර්ෂික ස්වභාවික සංසිද්ධියත් සමඟ, හෙට (අගෝස්තු 28) සිට සැප්තැම්බර් 7 වන දින දක්වා කාලය තුළ සූර්යයා දිවයිනට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පිහිටනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වයත් සමඟ හෙට දහවල් 12:11ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත අතර, දිවයිනේ කාලගුණික ස්වභාවයේ විවිධ වෙනස්වීම් අපේක්ෂා කළ හැකිය.​මෙම අන්තර්-මෝසම් සහ උණුසුම් කාලගුණික ස්වභාවය මත බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී. ඊට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2:00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.​මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති වීමේ ප්‍රවණතාවක්ද දැකගත හැකිය. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් මතක් කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,304

Leave A Reply

Your email address will not be published. Required fields are marked *