හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකිරීම සහ රාජකාරී පැහැරහැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජාන් සේනානායක මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.අයිස් මත්ද්රව්ය ළඟ තබාගැනීමේ චෝදනාවකට ඔක්තෝබර් 25 වනදා අත්අඩංගුවට ගත් පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නැමැති සැකකරු මෙලෙස පොලිස් භාරයේ සිටියදී මියගොස් ඇත. සැකකරුගේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා නොකිරීම, අත්අඩංගුවට ගැනීමේ සටහන් නිවැරදිව පරීක්ෂා නොකිරීම සහ පොලිස් අත්අඩංගුවේ අනීතික ලෙස පුද්ගලයන් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට ඉඩ දීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙම පියවර ගෙන ඇත.මෙම සිදුවීමට අදාළව මීට පෙර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ අතර, අත්අඩංගුවට ගත් අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

























