හෝමූස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දැමීමට ඉරානයෙන් පියවර

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පියවර ගෙන තිබේ. සයිප්‍රස් ධජය රැගත් නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක යාත්‍රා කිරීම හේතුවෙන් ඉරාන බලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.​මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව සඳහන් වේ. මෙම ක්‍රියාවට දැඩි විරෝධය පළ කර ඇති ඉරාන රජය, ඇමරිකානු ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇත.​විශේෂයෙන්ම කලාපය තුළ අලුතින් පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුරු පවා ඉදිරියේදී තමන්ගේ ඉලක්ක බවට පත්වනු ඇති බවයි ඉරාන ආරක්ෂක අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

What's your reaction?

Related Posts

1 of 853

Leave A Reply

Your email address will not be published. Required fields are marked *