2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (05) දින විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. විභාග අපේක්ෂකයින්ට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස, තමන්ගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැක.​නිකුත් කර ඇති ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් හෝ ගැටලුවක් පවතින්නේ නම්, 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව සලසා ඇත. මීට අමතරව 0112784208, 0112784537, 0112785922 යන දුරකථන අංක මෙන්ම 0112784422 ෆැක්ස් අංකය ඔස්සේ ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසිය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,221

Leave A Reply

Your email address will not be published. Required fields are marked *