2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

2025 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, ඒ අනුව සිසුන් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළාය.​විභාග දත්ත වාර්තා අනුව, මෙවර විභාගයට පෙනී සිටි සිසුන් 11,790 දෙනෙකු සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබා ගැනීමට සමත්ව ඇත. ඉන් පාසල් අයදුම්කරුවන් 11,651ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 139ක් වන බව වාර්තා වේ. කෙසේ වෙතත්, ප්‍රතිඵලවලට අනුව සියලු විෂයන් අසමත් වූ සිසුන් සංඛ්‍යාව 7,419ක් ලෙස සඳහන් වේ.​මේ අතර, පෙනී සිටි විභාග ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා එම අවස්ථාව ජුනි 25 වැනිදා සිට ජුලි 08 වැනිදා දක්වා විවෘතව පවතින බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නියමිත කාලසීමාව තුළ අදාළ අයදුම්පත් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සිහිපත් කළාය.

What's your reaction?

Related Posts

1 of 1,197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *