2025-2026 ආදායම් බදු වාර්තා භාරදීමේ අවසාන දිනය නිවේදනය කෙරේ

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා භාරදීමේ අවසාන දිනය 2026 නොවැම්බර් 30 වනදා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. සියලුම ලියාපදිංචි බදු ගෙවන්නන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙයි.​නියමිත දිනයට පෙර තම ආදායම් බදු වාර්තා නියමාකාරයෙන් සම්පූර්ණ කර භාරදීමට කටයුතු කරන ලෙස සියලුම බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා කලින්ම අදාළ ලේඛන ඉදිරිපත් කිරීම වැදගත් වේ.​මෙම ක්‍රියාවලියට අදාළ වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 1944 ක්ෂණික ඇමතුම් අංකය හෝ www.ird.gov.lk නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,379

Leave A Reply

Your email address will not be published. Required fields are marked *