ජනාධිපති අරමුදල මගින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ අගය කිරීමේ වැඩසටහන යටතේ, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලැබූ සබරගමුව පළාතේ සිසුන් ඇගයීමේ උත්සවයක් ඊයේ (01) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මෙම වැඩසටහන යටතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විෂය ධාරාවන්ගෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් 20 දෙනා බැගින් තෝරාගෙන ඔවුන්ගේ කැපවීම අගයමින් රුපියල් 100,000ක මුල්‍ය ත්‍යාගයක් සහ ඇගයීම් සහතිකපත්‍ර පිරිනමන ලදී.උත්සවය ඇමතූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන් සඳහන් කළේ අධ්‍යාපනික විෂමතා දුරුකරමින් දරුවන්ට යහපත් අනාගතයක් හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට රජය කැපවී සිටින බවයි. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරිය ඇතුළු මැතිඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.



























