2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

2025(2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදා හැර ඇත. සිසු සිසුවියන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් තමන්ගේ විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි වේ. දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී පෙබරවාරි 17 සිට 26 දක්වා පැවති මෙම විභාගය සඳහා අපේක්ෂකයන් 451,463 දෙනෙකු පෙනී සිට ඇත. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, එම ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ලබන ජුනි 25 වන දින සිට ජුලි 8 වන දින දක්වා https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටී.

What's your reaction?

Related Posts

1 of 1,197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *