දේශීය වෙළඳපොලේ රන් මිලෙහි කැපී පෙනෙන පහළ යාමක්

ජාත්‍යන්තර වෙළඳපොලේ සිදුවූ වෙනස්කම් හමුවේ අද (19) දිනයේදී දේශීය වෙළඳපොලේ රන් මිලෙහි සැලකිය යුතු පහත වැටීමක් වාර්තා විය. ඒ අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 391,000 සිට රුපියල් 382,000 දක්වා පහළ ගොස් ඇත.​එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 359,700 සිට රුපියල් 351,500ක් දක්වා අඩු වී තිබේ. දැනට පවතින දත්තවලට අනුව, ගෝලීය වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,138ක අගයක් ගනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *