2026 වර්ෂය සඳහා නියම කර තිබූ දැවැන්ත ආදායම් ඉලක්කය සාර්ථකව ජයගැනීමට ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. වසර අවසන් වීමට තවත් මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී මෙම සන්ධිස්ථානය පසු කිරීමට හැකිවීම කැපී පෙනෙන කරුණකි.මුදල් අමාත්යාංශය මගින් 2026 වසර සඳහා රේගුව වෙත ලබාදී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,207කි. කෙසේ වෙතත්, ඊයේ (13) වන විට ශ්රී ලංකා රේගුව උපයාගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 2,208 දක්වා ඉහළ ගොස් ඇත.ඒ අනුව, නියමිත කාලසීමාවට පෙර අදාළ ආදායම් ඉලක්කය ඉක්මවා යාමට හැකිවීම රේගු දෙපාර්තමේන්තුව ලැබූ විශේෂිත මූල්ය ජයග්රහණයක් ලෙස සැලකේ.



























