අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල 2026 වසරේ දෙවන පාසල් වාරය අදින් (24) අවසන් වන අතර, තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන සඳුදා (27) දින ආරම්භ වීමට නියමිතය. මේ අතර, මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය ජූලි 31 වන දින අවසන් වන අතර, තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 3 වන දින ආරම්භ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.























