ජාතික හැඳුනුම්පත නොමැති වීම 2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමට කිසිදු බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අදාළ විභාග නිවේදනයේ සඳහන් උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් අනිද්දාට (23) පෙර තම අයැදුම්පත් යොමු කරන ලෙස සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.කිසිදු අයුරකින් අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව දැඩිව අවධාරණය කර සිටින බැවින්, නියමිත දිනට පෙර කඩිනමින් අයැදුම් කිරීම සැමගේ වගකීම වේ.මෙම විභාග කටයුතු සම්බන්ධයෙන් යම් ගැටළුවක් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වුවහොත්, 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ 0112784537, 0112786616, 0112784208 යන අංකවලින් මෙන්ම 0112784422 ෆැක්ස් අංකය ඔස්සේද විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක.























