2026 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ. මේ සඳහා සුදුසුකම් සපුරා ඇති පාසල් ගුරුවරුන්ට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන්ටද අයදුම් කිරීමට අවස්ථාව පවතී. උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ https://onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් තම අයදුම්පත් යොමු කරන ලෙසයි.මෙම ඇගයීම් පරීක්ෂක තනතුරු සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලෙස ජූනි මස 22 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත. නියමිත දිනට පෙර නිවැරදිව අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය වන අතර, කාලසීමාවෙන් පසුව ලැබෙන කිසිදු අයදුම්පතක් සලකා නොබලන බවද අවධාරණය කෙරේ. එබැවින් අදාළ සුදුසුකම් සපුරා ඇති සියලුම දෙනා නිල පද්ධතිය හරහා කඩිනමින් ලියාපදිංචි විය යුතුය.

























