2026 උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සහ සංශෝධන කටයුතු පිළිබඳ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වන දින ආරම්භ වී සැප්තැම්බර් මස 5 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. පාසල් අයදුම්කරුවන් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත නිකුත් කර ඇති අතර, විදුහල්පතිවරුන් ඒවා ලබාගත යුතු වේ. එසේම, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මාර්ගයෙන් ඔවුන් වෙත යවා තිබේ.​මෙම ප්‍රවේශ පත්‍රවල යම්කිසි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, අගෝස්තු මස 3 වන දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ එය සම්පූර්ණ කරගත යුතු අතර, එම කාල සීමාව කිසිදු හේතුවක් මත දීර්ඝ නොකෙරේ. විභාගයට අදාළ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011-2784208 සහ 011-2784537 යන දුරකථන අංක හරහා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක.

What's your reaction?

Related Posts

1 of 1,252

Leave A Reply

Your email address will not be published. Required fields are marked *