2026 පාසල් පෝෂණ වැඩසටහනට රුපියල් මිලියන 33,600ක් වෙන් කෙරේ

අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් 2026 වසර සඳහා ක්‍රියාත්මක වන පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 33,600 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. කොළඹ පැවති ජාතික පාසල් පෝෂණ සමුළුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.​මේ වන විට දිවයින පුරා පාසල් 8,990 ක සිසුන් මිලියන 1.5 කට අධික පිරිසක් මෙම වැඩසටහන හරහා ප්‍රතිලාභ ලබමින් සිටිති. දරුවන්ගේ කුසගින්න නිවීම පමණක් නොව, එය රටේ සෞඛ්‍ය මට්ටම මෙන්ම දේශීය ආර්ථිකයද ඉහළ නංවන පුළුල් ජාතික වැඩපිළිවෙළක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.​මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව හා සාර්ථකව පවත්වාගෙන යාම සඳහා රජය විසින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම පරිපාලනමය මැදිහත් වීම් ද නිසි පරිදි සිදු කරමින් පවතී. රටේ අනාගත පරපුර නිරෝගී තත්ත්වයෙන් පවත්වා ගැනීමට මෙය මහත් රුකුලක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,360

Leave A Reply

Your email address will not be published. Required fields are marked *