විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කරන ලද පරිදි, 2026 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකිය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී අගෝස්තු 09 වන දින පවත්වන ලද මෙම විභාගය සඳහා සිංහල මාධ්‍ය අපේක්ෂකයින් 220,366 ක් සහ දෙමළ මාධ්‍ය අපේක්ෂකයින් 73,723 ක් ඇතුළුව සමස්ත සිසුන් 294,089 ක් පෙනී සිට ඇත.
























